Bloodline's Return Announcement 2020 [සිංහල]

'උත්ථානය වැලැක්වීමට නොහැකිය'

බණ්ඩරාවල නගරෙයෙන් පදනම් වූ Bloodline- දේශිය ලෝහ සංගීත කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ Heavy Metal දර්ශනයට නැවත පැමිණීමේ නිවේදනයක් කරන ලදී.

නවීකරණය කරන ලද නව ලාංඡනයක්ද, 2012හි ඔවුන් විසින් නිකුත් කරන ලද 'Reborn' ගීතය මුහුණු පොතේ නැවත පළකිරීමක් සමගම නව ඇල්බමයක වැඩකටයුතු කරමින් පවතින බව තහවුරු වේ.

Bloodline සංගීත කණ්ඩායම 2007 වර්ෂයේ සිට 2012 මැද භාගය දක්වා ක්‍රියාකාරී වූ අතර එම කාලය තුළ ඔවුන්ගේ මංගල ඇල්බමය 'Unholy Villen' නිකුත් කළ නමුත් කිසි විටෙකත් කිසිදු වේදිකාවක් මත ඉදිරිපත් කිරීමක් සදහා ඔවුනට අවස්ථාවක් නොලැබුණි.

සංගීත කණ්ඩායමේ ගිටාර් වාදකයා වන ගිහාන් කෞශල්‍ය සමග පුංචි සම්මුඛ සාකච්ඡාවක් කිරීමේ අවස්ථාවක් අපට ලැබුණි.

ප්‍රශ්නය: දේශිය Heavy Metal දර්ශනයට නැවත පැමිනෙන්නට පෙළඹවුයේ කුමක්ද?

පිළිතුර: පෞද්ගලික කැපවීම් නිසා අපි 2012 වර්ෂයේ දේශිය Heavy Metal දර්ශනයෙන් විරාමයක් ගත්තා. නමුත් අපි කවදාවත් ගීත රචනා කිරීම නතර කළේ නැහැ. ඒ නිසා අපි සිතුවා අපි නැවත දේශිය Heavy Metal Scene එකට පැමිනෙන්නට කාලය ඇවිත් කියායි. 


ප්‍රශ්නය: සංගීත කණ්ඩායමේ වර්තමාන සාමාජිකයන් කවුද? පෙළගැස්මේ කිසියම් වෙනසක් සිදුවී තිබේද? 

පිළිතුර: අපේ පෙළගැස්ම තුළ තවමත් වෙනසක් සිදු වී නැති නමුත් සංගීත කණ්ඩායමේ දැනට සිටින්න්නනෙ Lead ගිටාර් වාදකයා වන මම සහ ගායන ශිල්පි නුවන් දිනිත පමණයි.


ප්‍රශ්නය: මෙම ඓතිහාසික නැවත පැමිණීමෙන් පසු Bloodline වෙතින් අපට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද? 

පිළිතුර: අපි ළඟදීම අලුත් ගීත දෙකක් නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර එය සඳහා නිසි කටයුතු කරමින් සිටින්නෙමු.
පසුව අපි බලාපොරොත්තු වන්නේ කොළඹ, බණ්ඩාරවෙල සහ මහනුවර යන නගරවල පැවත්වෙන ප්‍රසංග වලට සහභාගි වීමටයි. 
ඒ අතරතුර තවත් ඇල්බමයක් සදහා වැඩ කිරීමට අපි බලාපොරොත්තු වෙමින් සිටිමු

අපට පිළිතුරු ලබා දුන් ගිහාන් කෞශල්‍යයට ස්තූතිවන්ත වෙමුුු.



Bloodline හා ලාංකික ලෝහ දර්ශනයට උපරිමයෙන්ම සහය වන්න.





Comments

Popular posts from this blog

The New Wave Of Sri Lankan Rock & Heavy Metal | New Bands and Projects of 2020 [ENG]

The New Wave of Sri Lankan Rock and Heavy Metal | New Bands and Projects of 2020 [සිංහල]