The New Wave of Sri Lankan Rock and Heavy Metal | New Bands and Projects of 2020 [සිංහල]

හෙළ ලෝහ සංග්‍රාමයේ නව යුගය  | New Bands and Projects of 2020                        

සිංහල පරිවර්ථනය : Dhanajaya Ranaweera                                                                             කර්තෘ: Jeric Emmanuel

 

ලංකාව ඇතුලෙ "Rock සහ Heavy Metal Scene" හරි නමක් අරගෙන එලියට ඇවිල්ලා දැනට අවුරුදු 20ක් එහෙමත් නැතිනම් දශක දෙකක් වගේ කාලයක් වෙනවා. පටන්ගැන්මේ ඉඳලා මේ වෙනතෙක්, මේ Scene එක ඇතුලෙ විශිෂ්ඨ ගණයේ සංගීත කණ්ඩායම්, අතිධ්වනිකර සංගීත සංදර්ශන, අළුත් ගීත සහ අතිශය ලෙන්ගතු රසිකයන් ගොන්නක් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න හැකි වෙලා තියෙනවා.

රටට පමණක් නොව ලෝකයටම විනාශකාරී කාලයක් වන මේ කාලය ඇතුලත උනත්, මේ සංගීත උණ හැදිච්ච අපේ කලාකරුවන්ට අළුත් ගීත සහ  අළුත් අදහස් එලියට දාන්න පැකිලිලා නැහැ. Heavy Metal සහ  Rock  සංගීතය ගැන ඇළුම් දක්වන පිරිස සහ  සංදර්ශන පවත්වන්නන් විදියට, මේ  සංගීත ශ්‍රාවකයෝ පිරිස ගැන ඉතාමත්  ආඩම්බර වෙන්න ඕන කාරනාවකි.

මේ වගෙ අති දුෂ්කර කාලයෙදි උනත් අළුත් Bands සහ Projects, විවිධාකාර උප-ශානරයන් ඔස්සේ නවතම සංගීතය නිෂ්පාදනය කිරීම අනිවාර්යයෙන්ම අගය කල යුත්තක්. Heavy Metal සහ Rock සංගීතයේ අනාගතය තව තවත් දීප්තිමත් සහ ගාම්භීර කරන්න මේ අළුත් පරම්පරාව සමත් වෙලා තියෙනවා.

මේ අළුත් සංගීතය කණ්ඩායම් තවත් උඩට ඔසවලා තබන්න, Hela Metal Breakdownහි තුන්වැනි බ්ලොග් ලිපියෙන් තවත් එක අඩිතාලමක් වෙයි කියල හිතනවා

පහල ලැයිස්තුවෙ අඩංගු වෙනවා ලංකාවේ දැන් අළුතින් නැගී එන සංගීත කණ්ඩායම් හා  සංගීත ව්‍යාපෘතීන් 15ක්, 2020 දි කලඑලි බහින.


1.Ace Of Pentacles

Ace of Pentacles කියන්නෙ, කාන්තාවන් දෙදෙනෙක්ගෙන් හැදිච්ච Musical Duo එකක්. සංගීත ද්විත්වයක් කියල හඳුන්වන්න පුළුවන්. Rock N' Roll ශානරය පාදක කරගෙන Folk Rock Elements එක්ක මිශ්‍ර කරල, කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන මේ දෙදෙනා Rock සහ Heavy Metal Scene එකට ඇතුලු වෙනවා. 2020 වර්ශයේ ආරම්භයත් එක්කම සංගීත චාරිකාව පටන්ගත්ත මේ දෙදෙනා දැනට කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල අවන්හල් ආශ්‍රිතව ශ්‍රාවකයන් පිනවනවා. දැන් මේ  සංගීත ද්විත්වය, අයිනි පීරිස් සහ  ෆියෝනා පීරිස්ගෙන් සමන්විත වනවා. ඔවුන් මේතාක් කාලයක් පුන පුනා සිටි All-Girl Metal Group පරමාර්ථයෙහි අර්ථයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා, ඒ ඔවුන්ගෙ වසර ගණනක ප්‍රාර්ථනාවන් මුදුන්පත්වෙනවාත් එක්ක.

මේ සංගීත ද්විත්වය, තවත් අළුත් කාන්තාවක් එකතු කරගන්න පරමාර්ථයෙන් ඉන්නවා. ඔවුනට අවශ්‍යය, "කාන්තා ශක්තිය" ලංකාවෙ Rock ශානරය ඇතුලෙ තදින් සනිටුහන් කරන්න. මේ දේ අපේ Rock n' Roll Spirit එකට වැටෙන අළුත් බලාපොරොත්තුවක්.

Ace of Pentaclesලා මේ වෙනකොට ඔවුන්ගේම ගීත එකතුවක් එලිදක්වන්න කටයුතු කරමින් ඉන්නෙ, නුදුරු අනාගතයේදි අපිට ඒ දේ අහන්න සහ දකින්න ලැබෙයි.

Ace of Pentaclesහි සමාජ-මාධ්‍ය ජාල සබැඳිය;
Facebook ----> 
https://www.facebook.com/aceofpentacless
Instagram ----> 
https://www.instagram.com/aceofpentacles_sl/




2.AGNI

AGNI හැදෙන්නෙ 2011දි, "Crematoria" කියන Project එක යටතේ, ඒ ත්‍රිත්වයක් විදියට. 2016 තෙක් මේ ත්‍රිත්වය පවතිනවා. නැවතත්, 2020දි මොවුන් කරලියට එනවා, "අග්නි" නමින්.

AGNI, අපිට හඳුන්වන්න පුළුවන්, Atmospheric/Symphonic Black Metal කණ්ඩායමක් විදියට. මොවුන් පාදකවන නගරය වන්නෙ, නුවර. කණ්ඩායමේ දැනට Alex Christopher ගායනයෙන්, Asiri Lead Guitar වලින්, Devon Rhythm වලින්, Yuvin Bass වලින් සහ Harsha Gossow Drums වලින් කණ්ඩායම සම්පූර්ණ කරනවනවා. ස්වභාවධර්මයා හා අනුබද්ධිත මානව හැඟීම් උද්දීපනය කරවන සංගීතයක් නිෂ්පාදනය කරමින් ඉන්න මොවුන්, ලංකාවේ Heavy Metal සන්දර්භයට එකතු කරන්නෙ, අළුත්ම තානයක්.

මේ වෙනකොට, AGNIලා තමුන්ගෙ originals 3ක් නිපදවමින් සිටිනවා. මේ සියල්ල එකතු කොට EP එකක් නිකුත් කරන්න මොවුන් අදහස් කරමින් ඉන්නවා.

AGNI සමාජමාධ්‍යය සබැඳිය 





3.  Apostasy

Apostasy කියන්නෙ, තනිපුද්ගල-නිමුසල්මානු-Death Metal Studio Project එකක්. මොහු, Chapeldestroyer නමින් හඳුන්වාගන්නවා. කොළඹ අගනගරය කේන්ද්‍ර කරගනිමින් මේ Project එක ආරම්භවනවා. මෙම සංගීත ව්‍යාපෘතිය ඇතුලත, Morbid Angel, Incantation, Autopsy, Malevolent Creation, Immolation, Obituary, Sadistic Intent සහ Necros Christos වගේ සංගීත මූලයන්ගෙ අනුසාරය දකින්න පුළුවන්. Drums වාදනයෙන් සහය වන්නට ඉන්දියාවෙන් The Demolisher නමින්  හැදින්වෙන පුද්ගලයෙක් Apostasy හි සතුය! 

Apostasyල Musical Context එක නිර්මාණය කරන්නෙ, ඉස්ලාමික ත්‍රස්තවාදයට විරුද්ධව, ඒ ඔවුන් වපුරවන අන්තවාදී අදහස් වලට විරුද්ධව. Project එක මේ වෙද්දි අළුත්ම Track එකක් release කරන්න සූදානම් වෙලා තියෙනවා, CBS නමින්. මේ අගෝස්තු වෙද්දි. ඊට පස්සෙ "Confession before Slaughter" නමින් EP එකක් release වෙනවා, 2020 වර්ශය ඉවර වෙන්න කලින්

Apostasyහි සමාජමාධ්‍ය සබැඳිය





4. Crimson Sky

Crimson Sky, ලංකාවේ Heavy Metal Scene එකට අළුතින්ම එකතුවන Glam Metal කණ්ඩායම. අගනගරය කේන්ද්‍ර කරගනිමින් පටන්ගන්න මෙම කණ්ඩායම, සමාජිකයින් 5 දෙනෙක්ගෙන් සමන්විත වෙනවා. Sayon de Silva, තමන්ගෙ කටහඬින්, Chirath Mendis හා Evan Rodrigo, Guitar වලිනුත්, Sachin Akash Bass වලිනුත්, Sasindu Maleesha Drums වලිනුත් සහභාගි වනවා. අතිරේකව, Synth වාදනයට, Amanda Fernando එකතු කරගන්නවා.

කණ්ඩායමේ, අභිප්‍රාය වන්නෙ, "කණට සහ හදවතට" ආමන්ත්‍රණය කරන්න හැකි, Glam Metal ශානරයේ Original Music නිකුත් කරන්නට. Glam Metal එක්ක බැඳිලා තියෙන, ඍණාත්මක දේවල් වලින් සංගීතය ගලවලා, අළුතින්ම ඒ දේ ගැන, නැවුම් අත්දැකීමක්, Heavy Metal Scene එකට එකතු කරන්න තමයි කණ්ඩායම උත්සුක වෙන්නෙ. මේ හරහා ඔවුන්ගෙ අදහස් හා ස්වචින්තනයන්, සංගීතය සමග මුසුකොට ලබා දෙන්න ඔවුන් ඉදිරියෙදි කටයුතු කරාවි, මේ සියල්ලම එකතුව, මිනිස්සුන්ගෙ හදවතට මේ හරහා ආමන්ත්‍රණය කරන්න මොවුන්ට හැකිවේවි.


මේ අවස්ථාවේත්, ඔවුන් තමන්ගෙ ස්වනිර්මාණ කිහිපයක් එක්ක කාර්යබහුල වෙලා 2021 වන විට ඒ දේවල් නිකුත් කරන්න අභිප්‍රායකින් පසුවනවා.




5. Deaf Theory 

Deaf theory කියන්නෙ Atmospheric ambient influenced Hard Rock/Heavy Metal Band එකක්. කොළඹ පාදක කරගනිමින් තමයි Band එක Emerge වෙන්නෙ. Band එක මේ වෙනකොට හතර දෙනෙක්ගෙන් සමන්විත වෙනවා. Theekahana Dewanmini ; Vocals සහ Bass වලින් , Nisal Weerarathne Lead Guitar වාදනයෙන්, Achinthya Wanigadeva Rhythm Guitars වාදනයෙන් , Uvindu Dissanayake Drums වාදනෙයන් සමන්විතයි.

Deaf theoryලගෙ සංගීත ආභාෂය සහ අභිප්‍රාය වෙන්නෙ, මනුෂ්‍යත්වය තුල පවතින අඳුරු පැතිකඩවල් ගැන වාචික හා අකූස්තික විශ්ලේෂණයක නිරත වෙන්න. මේ දේවල් සිද්ද වෙද්දි, භාෂාව මිශ්‍රව (සිංහල/ඉංග්‍රීසි) යොදාගන්න මොවුන් සූදානම් වනවා. Nihilist කෝණයක් හරහා Musical Approach එකක් ගන්න බලාපොරොත්තු ⁣වන මොවුන්, Heavy Metal හා සම්බන්ධව තිබෙන Stigma එක බිඳින කුළු පහරේ පලවෙනි කුළු පහර තියාවි.

කණ්ඩායම මේ වෙද්දිත් තමන්ගෙ අළුත්ම ගීත දෙකක් නිකුත් කරන්න ලෑස්ති වෙලා තියෙනවා වගේම, තව මාස කිහිපයකින් ඒ හා සබැඳි රූප රචනාවකුත් දකින්නට ලැබේවි.

Deaf Theory ; සමාජ මාධ්‍ය සබැඳිය.

Facebook ----> https://www.facebook.com/deaftheory
Instagram ----> 
https://www.instagram.com/deaf_theory/




6. Eternal Curse 

Symphonic Black Metal අනුශානරයේ, කොළඹ අගනුවර කේන්ද්‍රීයව අළුතෙන් Heavy Metal Scene එකට එන කණ්ඩායමක් තමයි, Eternal Curse කියන්නෙ ලංකාවෙ Heavy Metal රසිකයො ටිකක් කල් ඉඳලා බලන් ඉන්න වර්ගයේ නවතම අත්දැකීමක් ලබා දෙන්නට පදනම් වූ  Black Metal කණ්ඩායමකි . කණ්ඩායම සමන්විත වෙන්නෙ, Anuki Dayara - ගායනය, Vejith Leonara Lead Guitar, Chathura Mahela  Drums, Chathura Hemal Bass හා  Nadil Jayamaha Rhythm Guitar.

Band එක හුඟක්ම Symphonic පරිසරයක් තනන්න තමන්ගෙ Music හරහා උත්සහ කරනවා. අඳුරු මෙලැන්කොලික පරිසරයක අත්දැකීම සංගීතය හරහා ප්‍රතිනිෂ්පාදනයක් කරන්නත් සිතුවිලි හරහා මායාකාරී සිහිනයක සැරිසරන්නත් මේ සංගීතය උවැසි වනවා.

නුදුරු අනාගතයේදිම, ඔවුන් තමන්ගෙ ගීතයක් නිකුත් කරාවි.

Eternal Curse හි සමාජ මාධ්‍යය සබැඳිය.




7. Karma 09 

 Karma 09, Dilshan Athukoralaගෙ ආරම්භයෙන් පටන්ගත්ත Project එකක්. Music Band එකක් පටන්ගැනීමේ විවිධ උත්සාහ වලින් පස්සෙ, හොඳ සංගීත පදනමකින්, ඔහු 2020දි අළුතින් Band එකක් පටන් අරන් තියෙනවා.

කොළඹින් පදන්වන මෙම කණ්ඩායම, Dilshan හා තවත් යහළුවො 3 දෙනෙක් එක්ක Nu Metal ආභාසයෙන් සහ Industrial Metal අනුසාරයෙන් අළුතින් සංගීතය නිපදවන්න ලැහැස්ති වෙලා තියෙනවා. මෙතනදි Dilshan, Vocals/Guitar වලින් Kaluwara, Rapping වලින්, DJ Shaan, DJ/Turntables වලින්ද එකතු වෙනවා.

කසුන් නවරත්නගෙ සුසංයෝගයෙන් Karma 09, මේ නුදුරේදීම අළුතින් එක ගීතයක් නිකුත් කරන්න සූදානම් වෙනවා. ඒත් එක්කම ඔවුන්ගෙ Cancer 09 කියන Album එකත්, රූපරචනාවකුත් ලංගදීම එකතු ⁣වෙන්නට නියමිතයි.

Karma 09 හි සමාජ මාධ්‍ය සබැඳිය.
Facebook ------> 
https://www.facebook.com/Karma-09-700461600390963




8. Laminin 

Laminin කියන්නෙ පංචපුද්ගල Christian Rock Band එකක්. කොළඹ පාදක කරගෙන මේ වර්ෂයේ දි පටන්ගත්ත මෙම Band එක ප්‍රධානයෙන්ම අළුත් ගීත හා Cover Versions කිහිපයක් කරන්න බලාපොරොත්තු වන කණ්ඩායමකි. ජෙසුස් ක්‍රිස්තුස්ට  ප්‍රසංසා කිරීම සහ ආගමත් සමග ඔවුන්ගේම පුද්ගලික අත්දැකීම් ගීත විදියට ඉදිරිපත් කරීම ඔවුන් විසින් දරන උත්සහයයි.

කණ්ඩායම සමන්විත වෙන්නෙ, Guitar/Vocal - Heshan Joseph, Drums - Previn Wirekoon, Bass - Bonjo Fernando, Keyboard - Daniel Bartholomeusz, Lead Guitar - Shehan Devadoss කියන අයගෙන්.

මොවුන් මේ වන විටත් "Glory" නමින් Album එකක් නිකුත් කරල තියෙනවා. නුදුරු අනාගතයෙදි අළුත් සින්දු කිහිපයක් සමග "I am Yours" නමින් EP එකක් නිකුත් කරන්න සූදානම්.

Lamininහි සාමජ මාධ්‍ය සබැඳිය.
YouTube ------>  
https://www.youtube.com/channel/UC2cwo3zIZR5wVPOAOZbHxfw
Facebook ------> 
https://www.facebook.com/lamininofficial
Instagram ------> 
https://www.instagram.com/lamininofficial/




9. Needle in the Hay

කුරුණෑගල නගරයෙන් මතුවන Experimental Metal Band එකක් තමයි Needle in the Hay, මේ ඇත්තටම දෙවන ආගමනය. ඔවුන් 2013 පලමු ආගමනයෙන් පසුව මේ 2020දි මේ විදියට ආගමනය වෙනවා.

කණ්ඩායම සමන්විත වෙන්නෙ, Sachin Atugoda - Vocals/Bass, Nirvan Amantha - Drums, Uthra Anuradha/Thisura Ruwanjith - Guitar කියන පිරිසෙන්.

විවිධාකාර සංගීත මූලයන්ගෙන් සහ විශේෂයෙන්ම Metal Genre එක්ක මුහු වෙලා අළුතින් සංගීතය නිර්මාණය කරල, මේ සියල්ල ජාත්‍යන්තර වේදිකාවට ගෙනියන්න තමයි මොවුන්ගෙ පරම අභිප්‍රාය. ඒ එක්කම ලංකාවේ Underground Metal Culture එකත් එක්කම ජාත්‍යන්තර වේදිකාවට ගෙනියන්න මොවුන් අදහස් කරනවා.

මේවන විටත් ඔවුන් original  ගීත 3ක් අළුතින් නිර්මාණය කරමින් ඉන්නවා. මේ වසර අවසානයේදි අපිට ඒවා රසවිඳින්න පුළුවන් වෙයි.

Needle In The Hayහි සමාජ මාධ්‍ය සබැඳිය.
Facebook ------> 
https://www.facebook.com/needleinthehaysl
Instagram ------> 
https://www.instagram.com/needleinthehay_nih/



10. NITROUS

NITROUS කියන්නෙ Speed Metal Genre එකෙන් ලංකාවේ Heavy Metal Scene එකට මේ අවුරුද්දෙදි එකතු වෙන අළුත් Band එකක්. මීට අමතරව ඔවුන්ගෙ සංගීතය Heavy Metal සහ  Rock N' Roll වලින් අනුසාරිත වෙන  NITROUS  Membersලා විදියට, Lord of Beer, Pussy Destroyer, Narcotic Hunter හා Skins Maniac කියන පුද්ගලයින් හඳුනාගන්න පුළුවන්.

මොවුන්ගෙ සුවිශේෂී තානය හා  අතිවේගකර ධ්වනිය හරහා Fast Cars, Drugs, Sex සහ Debauchery ගැන කතා කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. ඔවුන්ගෙ පරමාර්ථය වන්නෙ තමන්ගෙ සංගීතය වේගය, ශබ්දය අතින් ඉහළම තැනක තියාගන්න එක.

ඔවුන් මේ වසර අවසානයෙදි අළුතින් සම්පූර්ණ Album එකක් නිකුත් කරන්න අදහස් කරනවා.

NITROUSහි සමාජ මාධ්‍ය සබැඳිය.
Facebook ------> 
https://www.facebook.com/nitrous666
Instagram ------> 
https://www.instagram.com/nitrous666




11. Ravenspell

Ravenspell කියන්නෙ නුවර කේන්ද්‍ර කරගනිමින් කාලයකට පස්සෙ කරලියට එන Doom Metal Project එකක්. මේ Project එක සමන්විත වෙන්නෙ, Ruwan Lakshitha සහ Lasantha Jayasamithaya කියන සහෝදරයො දෙදෙනාගෙන්.

Acoustic සහ Electric සංගීතය මිශ්‍රව යොදාගනිමින් Riffs හදන්න මොවුන් බලාපොරොත්තු වෙනවා. මේක ශ්‍රාවකයන්ට අළුත්ම අත්දැකීමක් වෙයි. මොවුන් වැදගත් වෙන්නෙ, නුවරින් තාවකාලිකව අඩපණ වෙච්ච Heavy Metal Scene එකට හුස්ම පිඹින ජීවනාලිය විදියට. ඉදිරියේදි මොවුන් නිකුත් කරන නවතම ගීත වලින් මේ දේ ගැන අපි අසා සතුටු වෙමු.

Ravenspellහි සමාජ මාධ්‍යජාල සබැඳිය.

Facebook --------> https://www.facebook.com/Ravenspell-110371050759273


12. SUBMIT666  

මේ කියන්නෙ, අළුතින්ම කරලියට එන Thrash/Black Metal Project එකක් ගැන. මේ සංගීතය විශේෂ වන්නෙ, මෙයට Punk Rockහි ආභාෂය නිතැතින්ම ලැබිල තියෙන නිසා. මෙහි නිර්මාපකයා වෙන්නෙ, Kasun Nawarathne. ඔහුගෙ කලින් සංගීත ව්‍යාපෘතියන්ගෙන් වෙනස් ආරක් ගන්න අළුත්ම අත්දැකීමක් විදියට මේදකින්න පුළුවන්.

මේ Project එකේ සියළුම සංගීතමය මූලාංග එකතු වෙන්නෙ කසුන් අතින්මයි. ඊට අමතරව, Chathuranga Fonseka විසින් Vocals එකතු කරන්න අවස්ථාවක් තියෙනවා කියන එක කනින් කොනින් ඇහෙනවා. ඒ කොහොම වෙතත්, මේ Music Project එක කියන්නෙ, කසුන්ගෙ  Raw Talent එකේ හොඳ Display එකක් වෙයි කියල විශ්වාසයි.

'3348: OUT TO KILL' නමින් ගීත Album එකක් නුදුරේදීම නිකුත් කරන්න කටයුතු සිද්දවෙමින් පවතිනවා.

SUBMIT666හි සමාජ මාධ්‍යජාල සබැඳිය

Facebook ------> https://www.facebook.com/submit666/





13. Thursday Jam 

Thursday Jam කියන්නෙ කොළඹ පාදක කරමින් ලංකාවේ Heavy Metal කරලියට එන අළුත්ම Alternative Metal Band එක. 

කණ්ඩායමේ සමාජිකයින් වන්නෙ, Vocals - Diluksha da Mel, Guitar - Ashane Goonawardena, Drums - Nikhil Perera, Bass - Ryan de Silva. ඔවුන් ප්‍රධාන අභිලාෂ වෙන්නෙ සංගීතය තුල හැකිතාක් Experiments කරන එක. මේ දේ ලංකාවේ Heavy Metal Scene එකට අනිවාර්යයෙන්ම වැදගත් සන්දිස්ථානයක් වේවි.

මොවුන් මේ සැප්තැම්බර් මාසයේදි අළුත්ම ඇල්බමයක් නිකුත් කරන්න නියමිතයි.

Thursday Jamහි සමාජ මාධ්‍ය සබැඳිය.

Facebook ------> https://www.facebook.com/ThursdayJamSL/
Instagram ------> 
https://www.instagram.com/thursdayjam




14. Vāna

Vāna කියන්නෙ, කොළඹ පාදක කරගනිමින් පටන්ගත්ත Nu Metal / Groove Metal Band එකක්. Salina විසින් ඉදි කරලත් මේ Band එක , Sajana Paranagama (Drums), Shanaka Jayasekara (Guitars), Shenal de Silva (Bass) කියන සමාජිකයින්ගෙන් කණ්ඩායම සමන්විත වෙනවා.

සමාජයේ ආන්තික ජනකොටස් වල දේශපාලනික , සමාජීය හා මානසික ගැටළු ගැන විවිධ කෝණ වලින් කතිකාවකට ලක් කරන්න මොවුන් තමන්ගෙ සංගීතය හරහා උත්සාහ කරනවා දකින්න පුළුවන්. Suicide, Self Harm, Depression වගේ මාතෘකා ගැන රචනා වෙන ගීත අපිට මොවුන්ගෙන් ඉදිරි කාලයේදි අහන්න ලැබේවි.

මේ කණ්ඩායම වර්තමානයෙදි අළුත් ගීත කිහිපයක් නිෂ්පාදනය කරමින් පවතිනවා, අපිට නුදුරු අනාගතයේදි මේ දේවල් අහන්න ලැබේවි.

Vānaහි සමාජ මාධ්‍යජාල සබැඳිය.

Facebook--------> https://www.facebook.com/metalofswords

Instagram --------> https://www.instagram.com/metalofswords/   

 


15. Xhȳdria

Celtic/Medieval Music වලින් Inspired වෙච්ච Folk Metal Band එකක් විදියට, Xhȳdria, 2020 අග මාසයන්හි ලංකාවේ Heavy Metal Scene එකට Enter වෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා. Band එකේ අන්තර්ගතය ගැන තවමත් ඔවුන් කිසිම තොරතුරක් නිකුත් කරල නැති නමුත්, නිලනොලත් ආරංචි වල හැටියට මොවුන් විශේෂයෙන්ම, Celtic Elements වන Violin, Whistle Flute, Recorder සහ Harp වගේ සංගීත භාණ්ඩ තමන්ගෙ ක්‍රියාදාමයන්ට යොදාගන්න සැරසෙන බවයි තහවූරු වන්නේ. මේ සියල්ල එක්කම Death Metal වලට කරන Blend එක අපිට ඉදිරියේදි දකින්න ලැබෙයි.

මේ වසර අවසානයෙදි මොවුන් තමන්ගෙ ගීත එකතුවක් නිකුත් කරන්න සූදානම් වෙන බව අපට මේ මොහොතෙදි කියන්න පුළුවන්!



දක්ෂතා වලින් පරිපූර්ණ වෙච්ච තරුණ ජනකායක් ලංකාවේ Heavy Metal Scene එකට ඇවිත් තියෙනවා. ලංකාව පුරාවට මේ අයගෙ සංගීතය ප්‍රචලිත කරන්න සහ මේ Scene එකට තවත් අළුත් අයවලුන්ට ආරාධනා කරන්න ලැබීම, අප Hela Metal Breakdown විදියට ලබන මහඟු භාග්‍යයක්. Hela Metalbreakdown හි තුන්වැනි Blog ප්‍රයාමයෙන් ඒ මහඟු කාර්යයේ පලමු අඩිතාලම දැමුවායැයි අපි විශ්වාස කරනවා. මේ සියල්ලටම සහයෝගය දුන් කණ්ඩායම් වල සහෝදරයන්ට ස්තූතිපූර්වක වන්න මේ අවස්ථාව යොදගන්නවා. ඒ වගේම, මේ කාර්‍යයට ධෛර්‍යය ලබා දුන්න Pubudu Suriyapperumaට, මාගෙ හෘදයාංගම ස්තූතිය පුදකල යුතුමයි.

මෙම blog පිටපත  පරිවර්තනය කරගන්නට සහය දුන් මගේ මිත්‍ර Dhananjaya Ranaweera ට මම ස්තූතිවන්ත වෙනවා. මෙය කරගැනීමට ඔබ පුද කරපු වටිනා කාලය හා ශ්‍රමය  අතිශයින්ම අගය කරනවා. නැවත වාරයක් ස්තුති සහෝදරයා....

ඉදිරියේදි සිද්ද වෙන Metal Shows/Concerts/Gigs ගැන ඉක්මන් තොරතුරු සහ ස්ථාන ගැනත්, ලංකාවේ Heavy Metal Scene එකට අදාල හැම දෙයක් ගැනම දැනුවත් විය යුතුයි කියා ඔබ සිතනවා නම්, මේ පිටුවට Subscribe කරන මෙන් ඉල්ලා සිටිනවා. මේ සියල්ලේම තොරතුරු ඔබට email කිරීමටත් අප වගබලාගන්නවා.

හෙළ ලෝහ සංග්‍රාමයට ජය!

Comments

Post a Comment

Popular posts from this blog

The New Wave Of Sri Lankan Rock & Heavy Metal | New Bands and Projects of 2020 [ENG]

Bloodline's Return Announcement 2020 [සිංහල]